― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙහෙකාරකමට දීපු දැරියගේ මළ සිරුර හාම්පුතාගේ නිවසේ

මෙහෙකාරකමට දීපු දැරියගේ මළ සිරුර හාම්පුතාගේ නිවසේ

නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17ක තරුණියකගේ මළ සිරුර එම නිවසේ තිබියදී හමු වී තිබේ.

අධ්‍යාපන කටයුතුවල නිරත වීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඇයගේ මව විසින් රුපියල් විසිපන් දහසක මාසික වැටුපකට යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල් අඩි ප්‍රදේශයේ නිවසක මෙහෙකාරකමට මෙම 17 හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නැමැති තරුණිය ලබා දී තිබේ.

නිවසේ අයිතිකරු මාසික වැටුප වශයෙන් රුපියල් 25000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වුවද ඇයට මාසයකට රුපියල් 5000ක මුදලක් පමණක් බවත් හාම්පුතා විසින් මවට දරුවා බැලීමට යාම තහනම් කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මසකට වරක් දුරකතනය ඔස්සේ විනාඩි තුනක කාලයක් පමණක් මවට කතා කිරීමට ඉඩ ලබා දී ඇති අතර මාස හතරකට පමණ පසුව එසේ දුරකතනයෙන් කතා කිරීමටද ඉඩක් ලබා නොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැති බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේනමුත් දැරියගේ මවට අවසානයේදී ඇය මියගොස් ඇති බවට පමණක් පණිවුඩයක් ලැබීමෙන් පසුව මරණය පිළිබද තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලිසිය හමුවේ පවසා තිබේ.

යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර ඒ විවෘත තීන්දුවක් ලබා දී මියගිය දැරියගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යවා තිබේ.

යාපනය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.