― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222ක පරාජයක්

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222ක පරාජයක්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය හිමි වූයේ පාකිස්ථානයටයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා පන්දු 48යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 166ක් පමණයි.

එහිදී ධනංජය ද සිල්වා ලකුණු 57ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Abrar Ahmed කඩුලු 4ක් සහ Naseem Shah කඩුලු 3ක් බිඳ හෙළුවා.

පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 134ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 576ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Abdullah Shafique ලකුණු 201ක් ලබා ගත්තා. Agha Salman නොදැවී ලකුණු 132යි.

සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 188කට දැවී ගියා.

තරගයේ අවසානය දක්වා සටන අත් නොහැරි Angelo Mathews නොදැවී ලකුණු 63ක් රැස් කරගැනීමට සමත් වුණා.