26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංශයේ හොඳම පාන් සාදන්නා අද ලංකාවට

ප්‍රංශයේ හොඳම පාන් සාදන්නා අද ලංකාවට

‘බෙස්ට් බෙගෑට්ස් ඔෆ් පැරිස්’ තරගයෙන් මෙවර සම්මානය දිනූ යාපනයේ ශ්‍රී ලාංකික තරුණයෙක් වන දර්ශන් සෙල්වරාජා අද (28) ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ප්‍රංශයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘හොඳම බේකරි නිෂ්පාදකයා’ තරගයේ මෙවර ත්‍යාගය දිනා ගත්තේ යාපනය පදිංචි 37 හැවිරිදි දර්ශන් සෙල්වරාජාය.

මෙවර එම තරගය පැවතියේ 30 වැනි වතාවට වන අතර ඊට ඉදිරිපත් වූ 126 දෙනා අතරින් ඔහු ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූ අතර ඔහුට යුරෝ 4,000 ක මුදල් ත්‍යාගයක් හිමි විය.

මේ නිසා ඔහුට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ එලිසි මාලිගයේදී ඊළඟ වසර සඳහා ආහාර පිසීමේ අවස්ථාව හිමි විය.

එවන් කාල සීමාවක ඔහු අද දිවයිනට පැමිණ රාජ්‍ය මට්ටමේ නිලධාරීන් සහ මහජන සංවිධාන හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.