― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඇමරිකාවේ සහල් හිඟයක්

ඇමරිකාවේ සහල් හිඟයක්

ඇමරිකාව පුරා සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව විසින් බාස්මතී නොවන සුදු සහල් අපනයනය අත්හිටුවීමත් සමඟයි මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ.

ඇමරිකාවේ ප්‍රධාන සහල් අපනයනකරු ඉන්දියාව වන අතර පසුගිය සතියේ ඉන්දීය රජය නිවේදනය කළේ දේශීය පරිභෝජනය සඳහා සහල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් අදාළ තහනම පනවන බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉන්දියාවේ තීරණයත් සමඟ ඇමරිකාව පුරා සහල් මිලදී ගැනීම්, ගබඩාකිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය හමුවේ සහල් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවයි.