28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝටිපති මැණික් මුදලාලිගේ ගව ඝාතකාගාරය වටලයි

කෝටිපති මැණික් මුදලාලිගේ ගව ඝාතකාගාරය වටලයි

වැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් වටලා එහි හිමිකරු බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මෙහිදී ඝාතනය කිරීමට සිටි මී ගවයින් 13 දෙනෙකු සහ සත්ව ඝාතනයට උපයෝගී කරගත් තියුණු ආයුධ ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ආකාරයෙන් ගවයින් මරණ බවට ලද තොරතුරක් අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැලිපැන්න පොලිසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.