― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලුණුගලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

ලුණුගලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

බදුල්ල, ලුනුගල, අඩාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වුණා.

අද (28) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ලුනුගල, අඩාවත්ත 13 කොලනිය ප්‍රදේශයේදීයි.

එම බස් රථයේ සිසුන් 6 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා ලුණුගල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.