29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ පළමු AI ප්‍රවෘත්ති නිවේදිකාව පුවත් ඉදිරිපත් කරයි

ඉන්දියාවේ පළමු AI ප්‍රවෘත්ති නිවේදිකාව පුවත් ඉදිරිපත් කරයි

ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ් (OTV) විසින් ප්‍රාන්තයේ පළමු කෘතිම බුද්ධි (AI) ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ලීසා හඳුන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ උත්සවයක් අතරතුර මෙම AI ප්‍රවෘත්ති නිවේදිකාව වන ලීසා හඳුන්වා දුන් බවයි.

OTV හි කළමනාකාර අධ්‍යක්ෂ Jagi Mangat Panda පවසන්නේ ඔඩීෂා ප්‍රාදේශීය රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ පළමු AI නිවේදිකාව වන ලීසා හඳුන්වාදීම රූපවාහිනී පුවත්පත් කලාවේ නව යුගයක් සනිටුහන් කිරීමක් බවත් මිනිසුන් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරන වර්තමාන ඩිජිටල් යුගයේ OTV හි අරමුණ වන්නේ කාලයට අනුකූලව ක්‍රියා කිරීම බවයි.