25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකුමන්ත්‍රණයෙන් පසු නයිජර් රාජ්‍යයට නව නායකයෙක්

කුමන්ත්‍රණයෙන් පසු නයිජර් රාජ්‍යයට නව නායකයෙක්

නයිජර් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීමෙන් පසු නයිජර් හි නව නායකයා ලෙස තමා කටයුතු කරන බව ජෙනරාල් අබ්දුරහ්මනේ ටියානි එරට රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත.

ඕමාර් චියානි ලෙසද හැදින්වෙන මොහු එරට ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබුණි.

නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් පහ කිරිමත් සමඟ ජෙනරාල් අබ්දුරහ්මනේ ටියානි මෙසේ නව නායකයා බවට පත් ව ඇතැයි ප්‍රකාශ කෙරේ.

පසුගිය බදාදා සිට මෙම කුමන්ත්‍රණය දියත් වූ අතර හිටපු ජනාධිපති මොහොමඩ් බසූම් නව නායකයාගේ අත්අඩංගුවේ පසුවේ.

ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.