27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි චන්ග් ඇමරිකානු තානාපති කාර්යාලයට නැවත කැඳවා නැහැ

ජූලි චන්ග් ඇමරිකානු තානාපති කාර්යාලයට නැවත කැඳවා නැහැ

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් යළි වොෂින්ටන් අගනුවර වෙත කැඳවා නොමැති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ට්විටර්හි ක්‍රියාකාරිනය්ක් වන අතර ශ්‍රී ලංකාව සම්බන්ධ වැදගත් සමාජ හා දේශපාලන කරුණු සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයේ අදහස් නිරන්තරයෙන් ප්‍රකාශ කරයි.

ජූලි චන්ග් යළි ඇමරිකාවට කැඳවා ඇති බවත් ඇය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බවත් පසුගියදා වාර්තා විය.

කෙසේ වෙතත්, ජූලි චන්ග් යළි කැඳවීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු තීරණයක් ගෙන නොමැති අතර එම තොරතුරු සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් නම් කරන ලද ජූලි චන්ග් 2022 වසරේ ශ්‍රී ලංකාවේ තානාපති ධූරයට පත්වීම විශේෂත්වයකි.