28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් ඉවත් කරගැනීමේ සූදානමක්

නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් ඉවත් කරගැනීමේ සූදානමක්

නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් කඩිනමින් ඉවත් කරගන්නා බව එරට ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව ගුවන් මඟින් ඔවුන් ප්‍රංශය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

නයිජර්හි පැවති විරෝධතා අතරතුර පසුගියදා එරට ජනාධිපති මොහොමඩ් බසුම්ගේ පාලනයෙන් එරට බලය අත්පත් කර ගැනීමට නයිජර් ආරක්ෂක අංශ කටයුතු කළ අතර
මේ වනවිටත් නයිජර්හි විරෝධතා උත්සන්න වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.