27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමු ආහාර භාවිතයෙන් රුසියානු කතක් ජීවිතක්ෂයට

අමු ආහාර භාවිතයෙන් රුසියානු කතක් ජීවිතක්ෂයට

නොපිසූ ආහාර (අමු ආහාර) අනුභව කිරීම නිසා රුසියානු කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡානා සැම්සොනෝවා නම් වන මෙම 39 හැවිරිදි කාන්තාව නිර්මාංශ ආහාර අනුභව කිරීමට පමණක් යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඇයගේ සුවිශේෂිත්වය වන්නේ සෑම ආහාර වේලක්ම අමු ආහාර වේලක් ලෙස රස විඳීමයි.

මෙලෙස දිගින් දිගටම අමු ආහාර පමණක් අනුභව කිරීම නිසා ඇයගේ සෞඛ්‍ය තත්ත්වයද දිනෙන් දින දුර්වල වන්නට පටන්ගෙන ඇති අතර අග්නිදිග ආසියාවේ සංචාරයක් අතරතුර දැඩි ලෙස රෝගාතුර වූ ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කාන්තාව මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේද සංචාරය කොට ඇති බවයි වාර්තා වන්නේ.