බාහුන් සුළිකුණාටුව චීනය සහ දකුණු ජපාන දූපත් වෙත ළඟාවෙමින් පවතින බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
සති කිහිපයක් තුළ චීනයට මුහුණදීමට සිදුවන තුන්වන සුළි කුණාටුව මෙය වනවා.
පැයට කිලෝමීටර 138 ක වේගයකින් හමායන මෙම සුළි කුණාටුව 4 වන ඝනයේ සුළි කුණාටුවක් ලෙසටයි විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ.
ඊයේ චීනයට බලපෑ ඩොක්සුරි සුළි කුණාටුව හේතුවෙන්ද බිජිං අගනුවර 50,000 කට අධික පිරිසක් ඉවත්කර තිබුණා.
එහිදී මිලිමීටර 170 කට අධික වර්ෂාවක් පතිතවී තිබූ අතර, ජලගැලීම් වලින් 11 දෙනෙකු මියගොස් 13 දෙනෙකුද අතුරුදන් වී තිබූ බවයි විදෙස්
වාර්තා සඳහන් කළේ