27 C
Colombo
Sunday, May 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldලබා දුන් වැරදි විධානයන් නිසා වොයේජර් 2 යානයේ සබඳතා බිඳ වැටෙයි

ලබා දුන් වැරදි විධානයන් නිසා වොයේජර් 2 යානයේ සබඳතා බිඳ වැටෙයි

1977 දී දියත් කරන ලද වොයේජර් 2 අභ්‍යවකාශ යානය පෘතුවියේ සිට කිලෝ මීටර් බිලියන 19.9 ක දුරින් ස්ථානගත වී තිබෙනවා.

මෑත ඉතිහාසය පුරාවටම විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති වස්තුව වන්නේ ද වොයේජර් 2 අභ්‍යවකාශ යානයයි.

කෙසේ වෙතත් මේ වන විට වොයේජර් 2 අභ්‍යවකාශ යානයට පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරියාම එයට හේතුවයි.