26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු අධි අවදානම් කලාප 60ක්

ඩෙංගු අධි අවදානම් කලාප 60ක්

ඩෙංගු උණ රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග කලාප 60ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

බස්නාහිර පළාතේ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කඩුවෙල, කැස්බෑව, මීගමුව, කළුතර, වාද්දූව, චාවකච්චේරි, කරවෙඩ්ඩි, ත්‍රිකුණාමලය, ආරච්චිකට්ටුව, හලාවත, බදුල්ල, ඇලපාත සහ රත්නපුර යන ප්‍රදේශ අධි අවදානම් කලාප ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවෙයි.

මීරිගම, රාගම හා ගඟවටකෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පැවති අධි අවදානම් තත්වය පහත බැස ඇති බවත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් බවත් වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

තද උණ, හිසරදය, වමනය ඇතුළු රෝග ලක්ෂණ තිබේ නම් ඉතා ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වසංගත රෝග විද්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.