― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමලාපවාහන ගාස්තුත් ඉහළට

මලාපවාහන ගාස්තුත් ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව අද (03) සිට මලාපවහන ගාස්තුද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මලාපවාහන ගාස්තු සඳහා ස්ථාවර ගාස්තුවක්ද ගෙවිය යුතු අතර ජල සම්පාදන මන්ඩලයේ ජල සැපයුමට අමතරව විකල්ප විභවයන් භාවිතා කරන විට ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය කාලානුරූපීව තිරණය කරන අතිරේක ගාස්තුවක් ගෙවි යුතු බවයි.

ජල සැපයුමක් රහිතව මලාපවහන සේවා පමණක් ලබාගෙන ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පාරිභෝගිකයින්ගේ ද සහභාගිත්වයෙන් කරන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරන ඇස්තමේන්තු අගයකට මලාපවහන ගාස්තු නියම කළයුතු වේ.

අදාළ මාසයේ ජල ගාස්තු හා මලාපවාහන බිල්පත ලැබී දින 30ක් ඇතුළත ගෙවීම් පැහැර හරින පාරිභෝගිකයින්ගේ ජල සැපයුම සහ මලපවාහන සේවාව විසන්ධි කරනු ඇති.