කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබා දී තිබෙන ස්ථාන මාරුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.