24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ - ලොරි අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ – ලොරි අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

පැල්මඩුල්ල පොලිස් වසමේදී ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයේ රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස ගමන් කළ පුද්ගලයෙකුයි.

මොවුන් දෙදෙනා බලංගොඩ හා පල්ලේබැද්ද පදිංචි අවුරුදු 53 හා 59 වැනි වියේ පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ‌ගෙන ඇති අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.