― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු ප්‍රහාරයෙන් මෙතරම් හානියක් වේ යැයි නොසිතූ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

පාස්කු ප්‍රහාරයෙන් මෙතරම් හානියක් වේ යැයි නොසිතූ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

පාස්කු ප්‍රහාරය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවන්, උදව් උපකාර කළ පුද්ගලයන්, නීතිය පැහැර හැරපු නිලධාරීන්ට දඩුවම් මේ වෙද්දි ලැබුණද..?
දඩුවම් දීම කොහොම වුණත් තැන් තැන්වල ප්‍රහාර සිද්ධ වෙනවා කියලා තොරතුරු ලැබුණා කියපු, මහා පාරිමාණ සිදුවීමක් සිදුවෙයි කියලා හිතුවේ නෑ කියපු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරන්න අද පියවර ගෙන තිබුණා.
අපේ රටේ ඇතැම් තීරණ ගැන හරි පුදුමයි.
මොකද ඔහුම අපි කළින් සිදුකළ ප්‍රකාශය සිදුකරලා තියෙද්දි ඔහු නිදොස් කොට නිදහස්.
එතොට ඔහුගේ රාජකාරිය පැහැරහැරීමක් සිදුවෙලා නැද්ද..? එහෙමත් නැත්නම් ඔහුට වගකීමක් නැද්ද එහෙම තොරතුරක් ලැබිලා තියෙද්දි එය වළක්වා ගන්න කටයුතු කරන එක.
මේ සියල්ල සොබාදහමට බාර දෙනවා ඇරෙන්න අද මේ ප්‍රහාරයෙන් පීඩා විදින මිනිස්සුන්ට ඉතිරි වෙලා නෑ.
ඒ තරමටම අද නීතියෙනුත් පිළිසරණක් නැති විදිහට අසරණ වෙලා.
කොහොම වුණත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ව ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව ගොනුකර තිබුණා.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොටස් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.
මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා නියෝගය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ අවනඩුව කියලා තමයි දැන් මිනිස්සුන්ට කියන්න ඉතිරි වෙලා තියෙන්නේ..