මේ මාසයේ සිට යළිත් සමෘද්ධිලාභීන් 393,094 කට මාසිකව ප්රතිලාභ ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අස්වැසුම යෝජනා ක්රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්රතිලාභ ගෙවීමට රජය පසුගියදා ගත් තීරණයත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.
සමෘද්ධි බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 12,80,000ටම සමෘර්ධි හෝ අස්වැසුම ප්රතිලාභ දීමනාවක් හිමිවේ.