23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුංචි ෆස්ලින්ගේ මරණ පරික්ෂණය කර ඇත්තේ තහනමට ලක්වූ වෛද්‍යවරයෙක්

පුංචි ෆස්ලින්ගේ මරණ පරික්ෂණය කර ඇත්තේ තහනමට ලක්වූ වෛද්‍යවරයෙක්

පසුගියදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකින් මියගිය හම්දි ෆස්ලින් නම් තුන් හැවිරිදි දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින අධිකරණ වෛද්‍යවරයෙක් බව අනාවරණය වී තිබේ.

මෙම මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසින් බවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුගේ වැඩ තහනම පනවනු ලැබූ බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

කෙසේනමුත් එම නියෝගය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට බවයි වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.