― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsවිල්පත්තුවේ සතුන්ටත් ජල හිඟයක්

විල්පත්තුවේ සතුන්ටත් ජල හිඟයක්

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සතුන්ගේ ජල අවශ්‍යතාවට මරු පහරක් එල්ල වී ඇති බව විල්පත්තුව ජාතික වන උද්‍යානයේ භාරකාර සුරංග රත්නායක පවසයි.

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ විල් සහ තටාක ප්‍රමාණය 106 කට ආසන්න ප්‍රමාණයක් ඇති නමුත් අධික උෂ්ණා කාලගුණය හේතුවෙන් ඒවා සියල්ලම පාහේ සිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් විල්පත්තුව වනෝද්‍යානයේ සතුන් මහත් දුෂ්කරතාවයකට මුහුණ පා තිබේ.