27.8 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් හමුදා පුහුණු යානයක් ත්‍රිකුණාමල වරායේදී කඩා වැටෙයි - Breaking

ගුවන් හමුදා පුහුණු යානයක් ත්‍රිකුණාමල වරායේදී කඩා වැටෙයි – Breaking

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරායේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයේ ගුවන් පරික්ෂණ කටයුත්තක් (Air Test) සදහා අද දින (07) උදෑසන 11.25ට පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන්ගත වී 11.27 ට පමණ ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇති අතර එහි ගුවන් නියමුවා සහ ගුවන් පරික්ෂණ රාජකාරි සදහා එහි ගමන් කළ ඉංජිනේරු නිළධාරියා මියගොස් ඇති බව වාර්තා විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් මේ වනවිටත් පත්කර ඇති විමර්ශකයින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.