28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමංගල දැන්වීමෙන් හමුවූ කත 69 ලක්ෂයකට සුද්දයක් දීලා

මංගල දැන්වීමෙන් හමුවූ කත 69 ලක්ෂයකට සුද්දයක් දීලා

67 හැවිරිදි පුද්ගලයෙකුට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69ක මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගත් බව කියන 57 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවසුවේ මොවුන් දෙදෙනා මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටි දෙපළක් බවයි.

මෙම කාන්තාව විසින් තමාගේ පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති නිසා එය ශල්‍යකර්මයකින් නැවත සකස් කර ගැනීමට යැයි පවසා මෙම මුදල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේදීයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස මෙම කාන්තාවට මුදල් ලබා දී ඇත්තේ නිට්ටඹුව පොලිස් වසමේ පදිංචි කර්මාන්තශාලාවක සහකාර නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින 67 හැවිරිදි පුද්ගලයකු විසිනි.

මීට වසර 8කට පමණ ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ සහෝදරියකගේ නිවසේ පදිංචිව සිටින අතරතුරදීයි ඔහු මෙම මංගල දැන්වීම පළකර ඇත්තේ.