27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමදුරන්කුලියේ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මදුරන්කුලියේ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මඳුරන්කුලිය නගරය ආසන්නයේදී යතුරුපැදියක අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සුරේන්ද්‍ර අනුරුද්ධික නැමති තරුණයෙක්. ජීවිතක්ෂයට පත් තරුණයා තම මිතුරා සමඟ පුත්තලම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙස සිට අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් තිබූ එළවලු ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණද ඒ වන විටත් අනුරුද්ධික මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා මඳුරන්කුලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.