― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsතේ දළු මිල පහළට

තේ දළු මිල පහළට

පසුගිය කාලයේදී රුපියල් 350- 400 දක්වා ඉහළ ගිය තේ දලු මිල මේ වනවිට රුපියල් 160 – 165 දක්වා පහත වැටී තිබේ.

මේ හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි තේ වතු හිමියන් පවසන්නේ.

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් කියා සිටියේ පහතරට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 160 – 165 අතර පවතියද උඩරට තේ කිලෝවක මිල රුපියල් 100 – 110 දක්වා පහත වැටී ඇති බවයි.

මෙසේ මිල පහත වැටීමට හේතූන් ලෙස ඔවුන් පෙන්වා දුන්නේ තේ වල තත්වය බාල වීම නිසා වෙන්දේසියේදී මෙරට තේ මිල පහත වැටීම හා ඩොලරයේ අගය ඉහළ පහළ යාමයි.