එළඹෙන මහ කන්නයේදී වියළි සහ අතරමැදි කලාපවල කුඩා පරිමාණ ගොවීන් 2,28,000කට අධික පිරිසකට නොමිලේ පොහොර බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ජපන් රජයේ ආධාර මත ලබාගත් පොහොර මෙට්‍රික් ටොන් 8,360ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඉදිරියේදී පැමිණීමට නියමිත කාලගුණ, දේශගුණ විපර්යාසවලට කෘෂිකාර්මික වශයෙන් මුහුණ දීම සඳහා ගොවි ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ කොට පුළුල් කතිකාවක් ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
ගොවි ජනතාවගේ ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි, ගත යුතු සියලු ප්‍රවේශවලට අවතීර්ණ වීම සඳහා තමාට හැකි සෑම අයුරකින්ම මැදිහත්වීම් සිදු කරන බවත් මෙම පොහොර තොග මෙරට වියළි සහ අතරමැදි කලාපවල දිස්ත්‍රික්ක කිහිපයක කුඩා පරිමාණ ගොවීන් 228,000කට අධික පිරිසකට නොමිලේ බෙදා හැරීමට නියමිත බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


