මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයා ගැනීම සඳහා පියාගේ රන් භාණ්ඩ සොරකම් කළ පුත්‍රයෙකු මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි රියදුරු රැකියාවක නිරත හෝමාගම දීපංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මොහු විසින් සොරාගන්නා ලද රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ ස්ථාන කිහිපයක උකස් කර තිබියදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


