― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වටලයි

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වටලයි

කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර බෙදාහරින කල්මුණේ පිහිටි ගබඩාවක් වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත ඇසුරුම් කිරීම හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගබඩාව වටලන අවස්ථාවේදී සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝග්‍රෑම් 2,125 ක් හා ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 82,750 ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 44 හැවිරිදි සැකකරු කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.