ප්‍රංශයේ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 11 දෙනක් පමණ මියගොස් තිබෙනවා.
Wintzenheim නගරයේ දී අද ( 9 ) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාතථා වන්නේ.
මෙම ගින්න ඇති වී ඇත්තේ ආබාධිත පුද්ගලයින් සඳහා වන වැඩසටහන් පැවැත්වෙන නේවාසිකාගාරයක බවයි විදෙස් මාධ්‍ය වාතථා කරන්නේ.
බලධාරින් පවසන්නේ ගින්නෙන් මියගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවයි.
කෙසේ වෙතත් මෙම ගින්න පැතිර යාමට හේතුව අනාවරණය වී නොමැති බවයි වාතථා වී ඇත්තේ.