27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැප වාහනවල දත්ත වෙනස් කර විකිණීමේ ජාවාරමක්

සැප වාහනවල දත්ත වෙනස් කර විකිණීමේ ජාවාරමක්

සුඛෝපභෝගී වාහන රැසක් ව්‍යාජ ලිපිලේඛන සකසා මෙරට ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ වී තිබේ.

ජාවාරම මෙහෙයවූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිටත් සුඛෝපභෝගී වාහන 423 ක් පිළිබඳව තොරතුරු හෙළිකරගෙන ඇති බවයි වළාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ.

සුඛෝපභෝගී මෝටර් රථයක ලියාපදිංචිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.