― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමාත්‍යාංශවල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණයි - අනික් අය උඩ පනින්න...

අමාත්‍යාංශවල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණයි – අනික් අය උඩ පනින්න එපා

අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් අමාත්‍යාංශවල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) පැවති කැබිනට් හමුවේදීය.

කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ එම කැබිනට් හමුවේදී ඇමතිවරුන් ජනාධිපතිවරයාට දන්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයාගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවයි.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

මේ වන විට වනජීවී ඇමති සී. බී. රත්නායක සහ රාජ්‍ය ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත් වීම දක්වා දුරදිග ගිය ගැටුම වැනි අර්බුදකාරී තත්ව සම්බන්ධව සාකච්ඡාවට ලක්වී තිබේ.