― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තු විවාදයක්

ක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තු විවාදයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ පාර්ලිමේන්තු විවාද සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එක්දින විවාදයක් ලබන 24 වැනිදා පැවැත්වෙන බවයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් මස මුල් සතියේ විවාදයට ගන්නා බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණවලට එළඹි බවයි.