― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

තවදුරටත් වර්ෂාව නොලැබුණහොත් පානීය ජල සැපයුම ගැටලුකාරි තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවලින් ජලාශ 32ක ජල ධාරිතාව සියයට 30ට වඩා අඩුවී ඇති බවයි.

ප්‍රධාන ජලාශ 73න් ජලාශ 66කම සියයට 50ට වඩා අඩු ජල ධාරිතාවක් පවතින අතර
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වැව්වල විශාල ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය වන බව යි ඇය කියා සිටියේ.