33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාතර තරුණයාගේ ප්‍රංශ සිහිනය බොඳ වෙයි

මාතර තරුණයාගේ ප්‍රංශ සිහිනය බොඳ වෙයි

ව්‍යාජ වීසා බලපත්‍රයක් භාවිත කරමින් ඩුබායි හරහා ප්‍රංශයට යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණයා සහ ඔහුගේ සියලු ලිපි ලේඛන ඉදිරි විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ විමර්ශන අංශය වෙත භාරදී තිබෙනවා.