26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජැෆ්නා කිංග්ස් ට දරුණු පරාජයක්

ජැෆ්නා කිංග්ස් ට දරුණු පරාජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 89ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 22ක් ලබාගත්තේය.

පන්දුයැවීමේ දී කසුන් රාජිත කඩුලු 4ක් බිඳහෙළීය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 90ක ඉලක්කය හඹා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.