30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportයුරෝපය අතහැර වැලිකතරට යන්න සැරසෙන නෙයිමාර්

යුරෝපය අතහැර වැලිකතරට යන්න සැරසෙන නෙයිමාර්

රසීල සුපිරි පාපන්දු තරුව වන නෙයිමාර් සෞදි අරාබියේ අල් හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව විශාල මුදලකට අල් හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ ඔහු ගිවිසුම් ගතවීමට සූදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර අල් හිලාල් ක්‍රීඩා සමාජය මේ වන විට හිටපු බාසිලෝනා ඉදිරිපෙළ ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක්කර ගැනීමේ අරමුණින් ගිවිසුම් අත්සන් කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා පළ වී තිබෙනවා.

පසුගිය මාසයේ දී අල් හිලාල් ක්‍රීඩා සමාජය විසින් ප්‍රංශ සුපිරි ක්‍රීඩක කයිලියන් එම්බපේ සඳහා යුරෝ මිලියන 300ක (ඩොලර් මිලියන 328ක) ලංසුවක් තැබූ නමුත්, ඔහු එය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වුණා.

මේ අතර පසුගිය දා නිමා වූ අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානයේ අනුශූරයින් බවට පත්වීමට ද අල් හිලාල් පාපන්දු ක්‍රීඩා සමාජය සමත් වුණා.