27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසචිත්‍රට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමට නීතිපති උපදෙස්

සචිත්‍රට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමට නීතිපති උපදෙස්

ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

ඒ, 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව දන්වමින්.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් අමතමින් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චොදනා එල්ල වී තිබෙනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සචිත්‍රට එරෙහි විමර්ශන ආරම්භ කරනු ලැබුවේ අදාළ ක්‍රීඩකයන් දෙදෙනා විසින් ලංකා ක්‍රිකට් වංචා හා දූෂණ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමෙන් අනතරුවයි.

කෙසේ වෙතත් පරීක්ෂණ වලට පෙනිසිටි සචිත්‍ර සේනානායක ඊ⁣ට අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේ තමන්ට අපහාස කිරීම⁣ට ගත් උත්සහයක් බව පවසමින්.