― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබම්බලපිටියේ බිහිසුණු බස් රථ අනතුරක්

බම්බලපිටියේ බිහිසුණු බස් රථ අනතුරක්

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී පෙරළී ගොස් අද (14) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිසුවන අවස්ථාවේ දී බස් රථය තුළ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

බස් රථය ආලෝක සංඥා නොතකමින් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.