― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි උපදෙස්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි උපදෙස්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ , ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බවයි.

මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසට ද උපදෙස් දී තිබේ .

ලේකම්වරයා සඳහන් කළේ, පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර ඇති බවය.