― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 11ක් මග නවතී

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 11ක් මග නවතී

රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් නවතා දමා ඇති බව අනාවරණය වී තිබේ.

ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ
එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් මිලියන 2531 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව ත් මේ හේතුවෙන් මෙරට ජනතාවට එහි ප්‍රතිලාභ අහිමි වී ඇති බවත්ය.