27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ.

මංගල්‍ය දිව්‍ය පූජාව අද උදෑසන 6.00 ට ආරම්භ වූ අතර බැතිමතුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදා මඩු දේවස්ථානයේ මංගල්‍ය පවත්වනු ලබයි.

මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිතවීම හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි මරුඳ මඩු දේවස්ථානයේ වාර්ෂික දිව්‍ය මංගල්‍යය සමරනු ලබයි.

මෙවරත් මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ආරාධනයෙන් පැමිණි වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩප්පේ හිමිපාණන්, ගාල්ල රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන්, අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්දාදි හිමිපාණන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වේ.