― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsලබන වසරේ රජයේ සේවයට නව බඳවා ගැනීම් නැහැ

ලබන වසරේ රජයේ සේවයට නව බඳවා ගැනීම් නැහැ

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.

එබැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බවයි ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.

මෙම වසරේ ජූනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කර යුතු බවත් රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර ලබන වසරේදී ද රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ හා උපාංග මිලදී ගැනීම හැකිතාක් සීමා කර යුතු බවත් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ නවතම චක්‍රලේඛයේ දැක්වේ.

එමෙන්ම දේශිය පුහුණුවීම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කළ යුත්තේ, සේවා ව්‍යවස්ථා, බදවා ගැනීමේ පටිපාටි සහ චක්‍රලේඛ මගින් එවැනි පුහුණුවීම් නියමකර ඇත්නම් පමණක් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.