― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsහොරෙන් විදේශගත වූ මහාචාර්යවරුන්ට එරෙහිව පියවර

හොරෙන් විදේශගත වූ මහාචාර්යවරුන්ට එරෙහිව පියවර

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශගත විය නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

කිසියම් මහාචාර්යවරයකු රහසිගතව විදේශගත වී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව එම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.