30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldට්‍රම්ප්ට යළිත් අධිචෝදනා

ට්‍රම්ප්ට යළිත් අධිචෝදනා

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අධිචෝදනා එල්ල කර තිබේ.

2020දී පැවති ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ අත්වූ පරාජයෙන් අනතුරුව, තමාට වාසිදායක වන ලෙස මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කළ බව පවසමිනුයි ඔහුට මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම චෝදනා ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් හා තවත් 18 දෙනෙකුට එල්ල කිරීමට ෆුල්ටන් ප්‍රාන්ත අධිකරණයේ මහා ජූරි සභාවක් තීරණය කර ඇති බවයි.

මෙම අධිචෝදනා පත්‍රයේ චෝදනා 41ක් ඇති අතර ඉන් 13ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල කර ඇත.