― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldඇෆ්ගන් කාන්තාවන් එක්සත් ජාතීන්ගෙන් අධ්‍යාපන අයිතීන් ඉල්ලයි

ඇෆ්ගන් කාන්තාවන් එක්සත් ජාතීන්ගෙන් අධ්‍යාපන අයිතීන් ඉල්ලයි

ඇෆ්ගන් කාන්තාවන් එක්සත් ජාතීන්ගෙන් අධ්‍යාපන අයිතීන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර දෙකකට පෙර තලෙයිබාන් රජය නැවත බලයට පත් වීමෙන් අනතුරුව එරට මිලියන 1.1 කට වැඩි ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට පාසල් සහ විශ්වවිද්‍යාල තහනම් කරනු ලැබීය.

ඇෆ්ගනිස්ථානයෙන් පලා ගොස් දැන් එක්සත් ජනපදයේ ජීවත් වන 21 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යාවක් වන සෝමායා ෆාරුකි තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය අධ්‍යාපන සංසදය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව Afghan Girls Voices යන ආදර්ශ පාඨය යටතේ, සියලුම ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතියට ගරු කිරීමේ ගෝලීය කැඳවීමකට නායකත්වය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.