― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමාළු මිල පහළට

මාළු මිල පහළට

පසුගිය කාලයේ සීඝ්‍රයෙන් ඉහළ ගිය මාලු මිල මේ වනවිට විශාල ලෙස පහළ බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් පැවසීය.

සභාපතිවරයා මේ බව කියා සිටියේ අද (16) ධීවර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ අද දිනයේදී ලින්නෝ කිලෝවක් රුපියල් 400 – 500ක්, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1100ක් දක්වාද, දැල්ලන් කිලෝවක් රුපියල් 700 දක්වාද, බලයා කිලෝවක් රුපියල් 700 දක්වාද මිල අඩු වී ඇති බවයි.