― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsස්ථාන මාරු පිළිපදින්නේ නැති ගුරුවරුන්ට වැටුප් නැහැ

ස්ථාන මාරු පිළිපදින්නේ නැති ගුරුවරුන්ට වැටුප් නැහැ

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති නමුත්
ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ගනිමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.