32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා පොහොට්ටුවේ හිටපු ලොක්කන් අතර හමුවක්

ජනපති හා පොහොට්ටුවේ හිටපු ලොක්කන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර අද (18) හමුවක් පැවැත්වීමට නියමිතය.

මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් තම සාමාජිකයින් මුහුණ දි ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

රාජ්‍ය සේවයේ නිරත ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින්ට රැකියාව සිදු කිරීමේදී පවා බාධා මතුව ඇති බව පැවසූ ලේකම්වරයා කියා සිටියේ මෙම ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර කඩිනම් විසඳුමක් ලබා ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.