― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙද සේවයේ පුරප්පාඩු 30,000ක්

හෙද සේවයේ පුරප්පාඩු 30,000ක්

හෙද සේවයේ පුරප්පාඩු 30,000කට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදවත්ත පැවසීය.

හෙද නිලධාරීන් පුහුණුවට ඇතුළත් කර ගැනීම ප්‍රමාද වීම විශාල අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි හෙද සංගමය පවසන්නේ.

වසර තුනක සිට ඉහළම මට්ටමේ හෙද හෙදියන් පුහුණුව සඳහා බඳවාගෙන නොමැති බවත් මේ හේතුවෙන් වසර තුනක් ඇතුළත රෝහල්වල ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

කෙසේනමුත් හෙද නිලධාරීන් බඳවා ගැනීම කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.