ව්‍යාපාරිකයන්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරමක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
මොවුන් කප්පමි ලබා ගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් බව පවසමින්.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි කප්පමක් ඉල්ලා දුරකථන ඇමතුමක් ලැබුනොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්ට ක්ෂණික ඇමතුමක් හෝ පොලිසියට ඇමතුමක් ලබා දෙන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංක 1977 හෝ 0112 445 897, 077 1088 922 අමතන්න.